වතිකානයේ උපදේශ සභාවක ලේකම් ධුරයට ශ්‍රි ලාංකික පූජකතුමෙකුට අවස්ථාව

Share Button

වතිකානයේ අන්තර් ආගමික කතිකාව පිණිස වන ශුද්ධෝත්තම පියතුමාගේ උපදේශක සභාවේ ලේකම් ධූරයට ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ ගරු ඉඳුනිල් ජානකරත්න කොඩිතුවක්කු හිමිපාණන් පත්කරනු ලැබ ඇත. උන්වහන්සේ මෙවැනි උපදේශක සභාවක තනතුරක් සඳහා පත්වූ දෙවැනි ශ්‍රී ලාංකික පූජකතුමා වෙයි. උන්වහන්සේ බදුල්ල පදවියේ පූජක නමකි. 1964 වර්ෂයේදී 6 වැනි පාවුඵ පාප් වහන්සේ විසින් පිහිටුවන ලද අන්තර් ආගමික කතිකාව පිණිස වන උපදේශක සභාවේ අරමුණ වන්නේ වෙනත් ආගම්වල නියෝජිතයින් සමග සංවාද ප්‍රවර්ධනය කිරීමයි. එම උපදේශක සභාව සාමාජිකයින් තිස් දෙනෙකුගෙන් සහ ලෝකයේ විවිධ රටවලින් තෝරාගනු ලැබූ විවිධ විෂයන් පිළිබඳ විශේෂඥතාවකින් යුත් සහ ආගමික අධ්‍යයන විශේෂඥයින් පනස් දෙනෙකුගෙන් සමන්විතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *