ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ගෞරවනීයව ඉවත් වීම සදහා ශ්‍රිී ලංකාවට අද තවත් අවස්ථාවක්

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලන්ඩන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයෙන් බංග්ලාදේශ පිල පරදවා ලකුණු 94 ක ජයක් වාර්තා කිරීමට පකිස්ථානය සමත් විය. තරගයේ ජයග්‍රහණය සදහා බංග්ලාදේශ පිලට ලකුණු 316 ක ඉලක්කයක් එල්ල විය. එහෙත් ඔවුන්ට ඕවර් 44 යි පන්දුවක දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 221 ක් පමණි. ෂහින් ෂා අප්රිඩි ලකුණු 36 කට කඩුලු 6 ක් බිඳ හෙලමින් පකිස්ථානය වෙනුවෙන් පන්දු යවන්නෙකු ලෝක කුසලාන තරගාවලියක දැක්වු ඉහළම දක්ෂතාව පෙන්වීය. මෙම තරගයේ දී ලකුණු 64 ක් වාර්තා කිරීමට බංග්ලාදේශ පිතිකරු ශකිබ් අල් හසන් සමත් විය. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියක දි වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ තුන්වන පිතිකරු බවට ඔහු පත් විය. ඊයේ ලකුණු සංඛ්‍යාවත් සමග ඔහු තරග 9 කදී ලකුණු 606 ක් ලබා සිටී. මීට පෙර සචින් ටෙන්ඩුල්කාර් තරග 11 කදී ලකුණු 673 ක් වාර්තා කොට සිටියේය. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ මැතිව් හේඩ්න් ලකුණු 659 ක් ලබා දෙවන ස්ථානයේ පසු වෙයි. සිව් වන සහ හය වන ස්ථානවලට හිමිකම් කියන්නේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරය. මෙම තරගය ජය ගත්තද පකිස්ථානයට අවසන් පුර්ව තරගය සදහා පැමිණිමට නොහැකි විය. ඔවුන් සහ නවසීලන්තය ලකුණු 11 බැගින් ලබා සිටියත් ලකුණු ලබා ගැනීමේ වේගය මත නවසීලන්තය ඉදිරියෙන් පසු වෙයි. මේ අතර තරගාවලියේ ශ්‍රීී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද ඉන්දියාවත් සමග ලීඩ්ස් හිදි පැවැත්වේ. තරගාවලියෙන් ගෞරවනීයව ඉව්ත වීම සදහා ශ්‍රීී ලංකා පිලට මෙම තරගය ජය ගැනීම වැදගත්ය. අද ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් මුලික වටයේ තරග සියල්ල අවසන් වෙයි. ඒ අනුව පළමු අවසන් පුර්ව තරගය 9 වැනිදාත් . දෙවන අවසන් පුර්ව තරගය 11 වැනිදාත් පැවැත්වේ. අවසන් මහා තරගය 14 වැනිදා පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *