වහබ්වාදය හදුනාගෙන එය මැඩලීමට දැන් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති කබීර් හෂීබ් මහතා පවසයි

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරයට මුලික හේතුවක් වුයේ සෞදි අරාබියේ වහබ්වාදය මෙරටට පැමිණීම බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පෙන්වා දෙයි. එම තත්ත්වයන් හදුනාගෙන රජය කඩිනමින් විසදුම් ලබා දීමට ක්‍රියා කළ බව ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබෙ.් විශේෂයෙන් සෞදි අරාබියෙන් මුදල් ලැබෙන්නේ නම් ඒ පිළිබදව මුස්ලිම් ආගමික ආයතන සහ සංස්කෘතික මධ්‍යස්ථාන වඩා වගකීමෙන් ක්‍රියා කිරීම වැදගත් වෙයි. මෙලෙස ලැබෙන පරිත්‍යාග පිළිබඳව රජය ද ඉදිරියේ දී විමසිල්ලෙන් ක්‍රියා කරනු ඇත. පසුගිය කාලයේ මෙවැනි මුදල් ගලා ඒම් පිළිබදව නියමිත පරිදි සොයා බලා නොමැත. මෙවැනි තත්ත්ව හරහා මුස්ලිම් ජනතාව රැඩිකල් ක්‍රියා පිළිවෙතකට යොමු කිරීමට ඇතැම් පිරිස් වෙත හැකියාව ලැබී තිබේ.
මේ අතර ඇමති නවීන් දිසානායක මහතා ඊයේ පැවසුවේ වහබ්වාදය මෙරටට පැමිණ ඇත්තේ සෞදි අරාබියෙන් බවයි. තමන්ට බලයක් ඇත්නම් එරටේ සේවය කරන සියලු ශ්‍රීි ලාංකික ශ්‍රමිකයන් වහාම යලි ගෙන්වා ගන්නා බව හලාවත පැවති උත්සවයකදී ඔහු කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *