භාෂා භාවිතය ප්‍රගුණ කිරිමෙන් රටතුළ බහු වාර්ගික සමගිය ඇති කළ හැකි බව විදුලිබල ඇමති කියයි.

Share Button

භාෂා භාවිතය ප්‍රගුණ කිරිමෙන් රටතුළ බහු වාර්ගික සමගිය ඇති කළ හැකි බව ඇමති රවී කරුණානායක මහතා පවසයි. ඇමතිවරයා මේ බව පැවසුවේ සිංහල. දෙමල භාෂා පරිවර්තක තනතුරු 75 ක් සදහා පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එම උත්සවයට ඇමති පලනි දිගම්බරම් මහතාද සහභාගී විය. වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා රට සංවර්ධනය වී ඇත්තේ රටට හෝ ජනතාවට අවශ්‍ය ආකාරයට නොව දේශපාලනයට අවශ්‍ය පරිදි බව කීවේය. අන්තවාදය පිටුදැක ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කළයුතු බව ඇමතිවරයා පැවසීය. ඉදිරි ජනාධිපතිවරණයේ රටේ සියඵදෙනා ඒකරාශි කර ජයග්‍රහණය කිරීමට හැකිපරිදි එක්සත් ජාතික පක්‍ෂය මේ වනවිට ශක්තිමත්වී තිබේ. ජනතාව මේ වනවිට පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්ති විදන බවද ඔහු කීවේය. වර්තමානයේ අවශ්‍ය වන්නේ ජාතික ආරක්‍ෂාව . ජාතික ආර්ථිකය සහ තරුණයන්ට මුල්තැන දී කටයුතු කරන සමාජයක් බවද ඇමතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *