සියඵම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ ආරක්‍ෂාව වෙනුවෙන් විපක්‍ෂය පෙනි සිටින බව විපක්‍ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

Share Button

මුස්ලිම් රටවල් නියෝජනය කරමින් මෙරට සිටින තානාපතිවරුන් සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැත්වින. තුර්කිය. පකිස්තානය. එක්සත් අරාබි එමිර් රාජ්‍යය. ඇෆ්ගනිස්තානය. ඉන්දුනිසියාව. සෞදිඅරාබිය. පලස්තීනය. බංග්ලාදේශය. කුවේට් රාජ්‍යය. කටාර්. මාලදිවයින ඉරානය. ලිබියාව සහ ඉරාකය යන රටවල තානාපතිවරු ඊට සහභාගීවුහ. පාස්කු ඉරුදින සිදුවු ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන්පසු ත්ත්වය සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධානම අරමුණ විය. එම ත්‍රස්ත ප්‍රහාර තරයේ හෙලා දකින බව සියඵම තානාපතිවරු එහිදී පැවසුහ. ත්‍රස්තවාදීන් කළ අමානුෂික ක්‍රියාව නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදීන් ලෙස නොසලකන ලෙස ඔව්හු එහිදී ඉල්ලීමක් කළහ. එහිදී අදහස් දැක්වු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂය ලෙස සියඵම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනි සිටින බව කීවේය. මැදපෙරදිග රටවල රාජ්‍ය නායකයන් දැක්වු සහාය අගය කරන බවද විපක්‍ෂ නායකවරයා පැවසීය. මුස්ලිම් ජනතාවගේ බියසැක දුරුකර ඔවුන්ට සාමාන්‍යපරිදි ජනජිවිතය ගතකිරීමේ තත්ත්වයක් උදාකර දීම විපක්‍ෂයේ අරමුණ බවද රාජපක්‍ෂ මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *