නෙඑම් කුඑණේ වැඩ අවසන්

Share Button

නෙඵම් කුඵණේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වී ඇතැයි එහි ව්‍යාපෘති උපදේශක මහාචාර්ය සමිත මානවඩු මහතා පවසයි. මේ දිනවල කුඵණේ යම් යම් කොටස්වල නිරීක්ෂණ කටයුතු සිදුවන බව ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී ඔහු සඳහන් කළේය. අක්කර 7 ක භුමි භාගයක ඉදිකර ඇති නෙථම් කුඑනේ උස මිටර් 356 කි. ඉකුත් 2012 වසරේ දෙසැම්බර් මාසයේ එහි ඉදිකිරීම් කටයුතු ඇරඹුණි. ව්‍යාපාරික කටයුතු සදහා කුඑනේ පහල මහල් 3 වෙන්කර ඇත. කුඑනේ ඉහළ මහල් 8 න් දෙකක් සම්ප්‍රේෂණ කටයුතු සදහා සහ තවත් මහල් දෙකක් සම්භාෂණ සදහා සකස් කර තිබේ. එක් මහලක පුද්ගලයින් 400 කට ආසන පහසුකම් පවති. කුඑණු පරිශ්‍රයේ වාහන නැවතුම් අංගනය තුල වාහන 250 කට ඉඩපහසුකම් ඇත. විදුලි සංදේශ නියාමන කොමිසම යටතේ ඉදිකිරිීම් මෙහෙයවුණු කුඑණ දැන් භාරව ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා යටතටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *