ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදිම නතර කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අගමැතිතුමා අවධාරණය කරයි

Share Button

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම නතර කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වත්මන් රජය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදිීමට ක්‍රියාකරන විට ඇතැම් සංවිධාන ඊට එරෙහිවී ඇතැයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අම්පාරේ අද පැවැති ඉඩම් හිමිකම් ඔප්පු දසලක්ෂයක් පිරිනැමීමේ ජාතික වැඩසටහන එක්වෙමිනි. ජනතවගේ එම අයිතිය ජයග්‍රහනය කරවීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කලේය.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ. ඓතිහාසික පසුබිමක් සහිතව ලෝකයේ සංචාරක අවධානය දිනාගත් අම්පාර ප්‍රදේශයේ ජනතාවට අගමැතිතුමාගේ උපදෙස් පරිදි ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි. ඉඩම් දසලක්ෂයේ ඉලක්කයට වේගයෙන් ලගාවෙමින් සිටින බවත්. ඊට අවශ්‍ය පහසුකම් සහ සහයෝගය අග්‍රාමාත්‍යතුමා නිරන්තරයෙන් ලබාදෙන බවත්. ඔහු සදහන් කලේය.
අමාත්‍ය දයා ගමගේ මහතා මෙහිදි ප්‍රකාශ කලේ. මෙසේ ඉඩම් හිමිකම් ලබාදීමට අගමැතිතුමා විශාල වෙහෙසක් දැරු බවයි. රජයේ ඉඩම්වල බලපත්‍රයක් පමණක් තිබු ජනතාවට සිය අවශ්‍යතා සදහා බැංකුවකින් හෝ් මුල්‍ය ආයතනයකින් ණය මුදල් ලබාගැනීමට නොහැකිවු බවත්. එසේ අසරණභාවයට පත්වන ජනතාව වෙනුවෙන් මෙසේ ඉඩම් හිමිකම්පත් ලබාදුන් බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *