වසර 13 ක අධ්‍යාපනය හේතුවෙන් පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළට – අගමැති

Share Button

ඊයේ කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැති ජාතික ශිෂ්‍ය භට බලකායේ අන්තර් පළාත් ක්‍රිඩා සමාප්ති උත්සවයට ද අග්‍රාමාත්‍යවරයා එක්විය. උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය භට බලඇණි පිහිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය. වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය හේතුවෙන් පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ඒ අනුව ශිෂ්‍ය භට සංඛ්‍යාවද ඉහළ නැංවිය යුතු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ක්‍රිඩා උළෙලේ ජයග්‍රාහකයන්ට ජයසංකේත ප්‍රදානය අගමැතිතුමා අතින් සිදුකෙරිණ. අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *