ඉදිරි ජනාධිපතිවරණය සදහා සියලු පාර්ශව එක්වී සුදුසු අපේක්ෂකයෙකු තෝරා ගත යුතු බව පාඨලී චම්පික ඇමතිවරයා කියයි.

Share Button

ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු තෝරා ගැනීමේ දී සියලු පාර්ශ්ව එක්ව රටට සුදුසු අපේක්ෂකයෙකු තෝරා ගත යුතු බව ඇමති පාඨලී චම්පික රණවක මහතා කියයි. බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටි අක්කර 2 ක භුමි භාගයක ආක්‍රමණශීලි ශාක ඉවත් කර පැළ 200 ක් රෝපණය කිරීමේ උත්සවයකට අද පෙරවරුවේ එක් වෙමින් ඔහු ඒ බව සදහන් කළේය.

පරිසර සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඇමතිවරයා කොළඹ කොටුවේ සිට මාලඹේ දක්වා ආරම්භ කෙරෙන සැහැල්ලු දුම්රිය ඉලක්ක කර බත්තරමුල්ල ප්‍රදේශය හරිත කලාපයක් ලෙස සංවර්ධනය කරන බව සදහන් කළේය.

ඉදිරියේ දී සෑම දුම්රිය ස්ථානයක් ආසන්නයේම මෙවැනි වන කලාප ඇති කිරීම ඉලක්කයයි. ඒ සදහා දිර්ඝකාලින වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *