ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානියාට හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට අල්ලස් ලබා ගැනීම පිළිබද අධිචෝදනා

Share Button

රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්යෙන් චෝදනා ලැබ සිටින ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී අයි එච් කේ මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනාට අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කරයි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතු අධිචෝදනා පත්‍ර සම්පත් අබේකෝන් . සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද විත්තිකරුවන්ට භාර දෙනු ලැබීය. ඉන් අනතුරුව එක් එක් විත්තිකරුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 3 ක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය. විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදීමට නියෝග කෙරිණ. නඩුව ලබන 22 වැනිදා යලි විභාගයට ගැනේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10