ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ගංවතුරෙන් තවදුරටත් බාධා

Share Button

ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ගංවතුරෙන් බලපෑම් එල්ල වෙයි. මෙමගින් අභ්‍යන්තර දුම්රිය ගමනාගමන සේවා දැඩි අර්බුධයකට ලක්ව ඇත. ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා එම සේවා අත්හිටුවීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ. ප්‍රධාන මාර්ගවලද රථවාහන ගමන් කල නොහැකි තත්ත්වයක් පවතී. මාර්ග ජලයෙන් යටවීම නිසා ජනතාවගේ දෛනික කටයුතු රැසක් අඩාල වී ඇත. මේ වන විටත් වොෂින්ටන් නුවරට වැසි සහිත කාලගුණයක් පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *