ඉන්ධන සැපයිමේ අර්බුදය අවසන්. – විදුලිය සැපයුම යථා තත්ත්වයට

Share Button

විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබාගැනීම සම්බන්ධව පැවැති ගැටඵව විසදී ඇතැයි විදුලිබල. බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය කියයි. ඒ අනුව අද උදෑසන සිට ඛණිජ තෙල් සැපයුම නිසිපරිදි සිදුවෙයි. ඛණිජ තෙල් සංස්ථාවෙන් තෙල් සැපයීම සම්බන්ධව පැවැති ගැටඵවක් හේතුවෙන් විදුලි නිෂ්පාදනයට ඊයේ දිනයේදී බාධා ඇතිවිය. කෙසේ වුවද විදුලි සැපයුම ඉදිරියට අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් සුලක්‍ෂණ ජයවර්ධන මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *