ප්‍රදේශ රැසකටම තද වැසි

Share Button

සබරගමුව. මධ්‍යම. බස්නාහිර සහ වයඹ පලාත්වලත්. ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එහිදී බස්නාහිර හා වයඹ පලාත්වලත් . ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්මවු වැසි ලැබිය හැකිය. ඇතැම් අවස්ථාවල තාවකාලිකව තද සුළං පවති. ඒ අතරම දිවයිනට බස්නාහිර දෙසින්වු මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරි වළාකුඵ පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකිය. සුළගේ වේගය ක්‍ෂණිකව පැයට කිලෝමිටර් 80 ක් දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද රඵ වෙයි. ධිවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. හෙට පස්වරුව තෙක් මෙම තත්ත්වයන් බලපවත්වනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *