ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක්.

Share Button

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවෙයි. එම මණ්ඩලය අද පෙරවරුවේ පලමුවරට ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුනි. එහිදී එතුමා සදහන් කලේ තම අදහස් හා යෝජනා ස්වාධිනව ඉදිරිපත් කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට මෙම උපදේශක මණ්ඩලය සිය උපරීම දායකත්වය ලබාදෙනු ඇති බවයි. මෙම උපදේශක මණ්ඩලයේ සභාපති ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා ක්‍රියා කරයි. සෙසු සාමාජිකයෝ වන්නේ ජනාධිපති නීතිඥවරු වන කාලිංග ඉන්ද්‍රතිස්ස. නයිජල් හැච්. නීතිඥ ජාවෙඩ් යුසුප්. ආචාර්ය රාම් මානික්කලිංගම්. ආචාර්ය සුරේෂ් රාඝවන් යන මහත්වරු වෙති. මේ අතර. ජනාධිපතිතුමා අද දහවල් තම පුතුගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීම සදහා එංගලන්තය බලා පිටත්ව ගියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *