ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වශයෙන් නම් කෙරේ

Share Button

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරයි.

ලෝකයේ සරම්ප රෝගය ඉහළයමින් පවතින අවස්ථාවක ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා ගිණිකොනදිග ආසියානු කලාපයේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය පුනම් කේත්‍රපාල්සින් මහත්මිය පවසයි.

සෞඛ්‍ය අංශයේ සේවකයන්ගේ කැපවීම සහ දරුවන් රෝගයෙන් ගලවා ගැනීමට දෙමව්පියන් දරණ උත්සාහය මෙමගින් ප්‍රදර්ශනය කෙරෙන බව ශ්‍රී ලංකාවට සුබ පතමින් ඇය පෙන්වාදෙයි. සරම්ප රෝගීහූ මෙරටින් අවසන් වරට වාර්තා වී ඇත්තේ 2016 වසරේ මැයි මාසයේදීය.

දකුණු සහ අග්නිදිග ආසියාවේ සරම්ප රෝගය තුරන් කළ සිව්වැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මීට පෙර භූතානය. මාලදිවයින හා නැගෙනහිර ටිමෝරය මෙම රෝගය තුරන් කළ රටවල් වශයෙන් නම් විී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10