නවසීලන්තය හා ඉන්දියාව අතර තරගයට වර්ෂාවෙන් බාධා. – තරගය ඊයේ නැවතු තැන සිට අද යළිත්

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර මැන්චෙස්ටර් හිදී ඊයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

කාසියේ වාසිය කාසියේ වාසිය දිනා මුළින් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය ලකුණු 211 ක් රැස් කර සිටි අවස්ථාවේ වර්ෂාව පතිත වීම හේතුවෙන් තරගය නවතා දැමීමට විනිසුරුවරු තීරණය කළහ. ඒ වන විට තරගයේ පන්දුවාර 46 ක් සහ එක් පන්දුවක් යවා තිබූ අතර නවසීලන්තයේ කඩුඑ 5 ක් බිඳවැටී තිබිණි.

තරගය ඊයේ නතර කළ ස්ථානයේ සිට අද දින යළි ආරම්භ වීමට නියමිතයි. ලකුණු 67 ක් ලබා සිටින රෝස් ටේලර් සහ ලකුණු 3 ක් ලබා සිටින ටොම් ලේතන් නොදැවී ක්‍රීඩා කරති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *