ඩිව් දේශපාලනයේ 60 වසරක් උපහාර උළෙල අද පස්වරුවේ

Share Button

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතාගේ දේශපාලන දිවියට 60 වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් සංවිධාන කෙරෙන ඩිව් දේශපාලනයේ හැට වසරක් උපහාර උළෙල අද පස්වරු 4.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතයි. නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය සහ නේපාලයේ කොමියුනිස්ට පක්‍ෂයේ ජ්‍යෙෂ්ට නායක මාදව් කුමාර් නේපාල් මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස ඊට සහභාගීවෙයි. මෙම උපහාර උළෙලේදී ආචාර්ය වගීෂා ගුණසේකර මහත්මිය විසින් රචිත ඩිව්ස් ඩයිරි කෘතියද එළිදැක්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *