පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඊට සම්බන්ධ 160 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසිය .

තවත් 161 දෙනෙක් රැදවුම් භාරයේ සිටිති. 99 දෙනෙකු සැකපිට අත්අංගුවට ගෙන ඇත. ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අය පිළිබඳව තවදුරටත් විමර්ශනය කෙරේ. එමෙන්ම හෙට්ටිපොළ සහ කුලියාපිටිය යන ප්‍රදේශවල ඇති වූ සිද්ධින්ට සම්බන්ධ 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

හානියට පත් වු පල්ලි සහ දේපල සම්බන්ධයෙන් දැන් තක්සේරු කෙරෙමින් පවති. ක්‍රිස්තියානි පල්ලි වලට මූලික ගෙවිමක් කර ඇත . ලබන සතියේ ඒවාට වන්දි ගෙවිමට ක්‍රියාකරන බව අගමැතිවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *