සමාජ ජාලා භාවිතා කරන්නන්ගෙන් මෙරට සංවර්ධනයට සහායක් නොලැබෙන බව හෙලිවෙයි

Share Button

මෙරට සමාජ ජාල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 06 ක් වුවත් රටේ සංවර්ධනයට ඔවුන්ගෙන් කිසිදු සහායක් නොලැබෙන බව මහාමාර්ග හා ඛනිජතෙල් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසයි. රටක දියුණුවට ඊ තාක්ෂණය බෙහෙවින් වැදගත්ය.

එහෙත් ශ්‍රි ලංකාව තවමත් සිටින්නේ ප්‍රාථමික මට්ටමේය. ඊ තාක්ෂණයේ ඉහළින්ම සිටින්නේ අමෙරිකාවයි. දෙවන ස්ථානය ඉන්දියාවට ලැබි ඇත. බ්‍රසීලය තුන්වන ස්ථානයේ පසුවෙයි .

80 දශකයෙන් පසු උපන් අය ඊ තාක්ෂණය සදහා නැඹුරුවුවත් ඊට පෙර ජනතාව එම තාක්ෂණය හා නිසියාකාරව මෙතෙක් බද්ධ වී නැතැයි හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි. ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට එක්වෙමින් ලේකම්වරයා මේ බව කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *