දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි

Share Button

සහරාන් නමැති ත්‍රස්තවාදියා සහ ඔහුගේ ක්‍රියාදාමයන් පසුපස විදේශ බලවේගයක් සිටින බවට තමන් විශ්වාස කරන බව ශ්‍රිී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාර පිටුපස සිටින්නේ අයි එස් ත්‍රස්ත සංවිධානය බවට නිශ්චිත වාර්තාවක් මෙතෙක් ලැබී නොමැත. පරීක්ෂණ විධිමත්ව සිදු කර අනාගතයේදිී මෙවැනි ත්‍රස්ත ක්‍රියා සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු කීවේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණ නැවතත් ඉන් පිටවීම සැක සහිත බවත් . යම් ප්‍රභුවරයෙකු එහි රැඳි සිටිම ඊට හේතුව බවට සැලකිය හැකි බවත් මන්ත්‍රීවරයා කීවේය. එදින එම හෝටලයේ රැඳී සිටි ප්‍රභුවරුන් කවුරුන්දැයි සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරයා කාරක සභාව හමුවේ පැවසීය. මුස්ලිම් තරුණ පිරිස් රැඩිකල් අදහස් දැරීම පාලනය සදහා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. පාස්කු ප්‍රහාරයෙන් දින 2 කට පසුව තමන් එම ප්‍රහාරයේ වගකිීම දරන බවට අයි එස් ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කිරීමත් . ප්‍රහාරය වු විගස ඔවුන් එහි වගකීම භාර නොගැනීමත් පිළිබදව සැක මතුවන බව පැවසු මන්ත්‍රීවරයා අයි එස් ත්‍රස්ත සංවිධානය නොවන වෙනත් විදේශ බලවේගයක් මෙම ප්‍රහාර පසුපස සිටින බවට තමා විශ්වාස කරන බවද කීවේය. තමන් ආරක්ෂක මණ්ඩලයට සහභාගි වුයේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පසුදින බවද ඔහු පැවසීය. සහරාන් ඇතුඵ ත්‍රස්ත සංවිධානයට විදෙස් මුදල් ලැබුණේ කෙසේද යන්න විමර්ශනය කළ යුතු බවත් . ඔවුන් ඉඩම් . යාන වාහන මිලදී ගත් ආකාරය පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු කීවේය. මැයි 13 වැනිදා කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරි සිදුවීම් සිදුවු ස්ථානයට නාමල් කුමාර නමැත්තා පැමිණ සිටි බවත් . ඔහුට ඉන් පිටත්ව යන ලෙස තමා පැවසු බවත් මන්ත්‍රීවරයා සාක්ෂා දෙමින් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *