ඉන්දියාවේ බලාපොරොත්තු සුන්කරමින් නවසීලන්තය ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයට-දෙවන අවසන් පුර්ව තරගය අද

Share Button

නවසීලන්තය ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබයි. ඊයේ පැවති තරගයේදී ඉන්දියානු කණ්ඩායම ලකුණු 18 කින් පරාජය කිරීමට නවසීලන්තය සමත්විය. මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත පිල පන්දු වාර පනහ අවසානයේ කඩුඵ අටක් දැවී ලකුණු 239 ක් රැස් කළේය. රොස් ටේලර් ලකුණු 74 යි . කේන් විලියම්සන් ලකුනු 67 යි . ඉන්දීය පිල වෙනුවෙන් බුවනේස්වර් කුමාර් කඩුඵ 3 ක් බිද හෙලිය . ඉන්දිය පිල පන්දුවාර 49 යි පන්දු 3 කදී සියඵ දෙනා දැවී රැස්කළේ ලකුණු 221 ක් පමණි . රවීන්ද්‍ර ජඩේජා ලකුණු 77 යි. එම් එස් දෝනී ලකුනු 50 යි. නවසීලන්ත පිල වෙනුවෙන් කඩුඵ 3 ක් බිද හෙලූ මැට් හෙනී තරගයේ වීරයා විය .
දෙවනි අවසන් පුර්ව තරගය බර්මින්හෑම් හි එජ්බැස්ටන් ක්‍රිඩාංගනයේදී අද පැවැත්වේ. සත්කාරක එන්ගලන්ත පිල වසර 1992 වසරෙන් පසු පළමු වරට ලෝක කුසලාන අවසන් පුර්ව තරගයකට සහභාගී වෙයි. දෙපිල අතර පැවති ලෝක කුසලාන මුලික වටයේ තරගයේදී ඔස්ට්‍රේලියාවට ලකුණු 64 ක ජයක් හිමිවිය. ඔස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රිඩක මිචෙල් ස්ටාක් මෙවර තරග මාලාවේදී තනි තරග මාලාවකදී වැඩිම කඩුඵ ලාභියාගේ වාර්තාව බිද දැමීමට ලබා ගත යුත්තේ තව එක් කඩුල්ලක් පමණි. ඔහු ග්ලෙන් මැක්ග්‍රාත්ගේ එම වාර්තාව සමකර ඇත. ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් තරගමාලාවේ වැඩිම ලකුනු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ. ඔහු ලබාඇති සමස්ථ ලකුණු සංඛ්‍යාව 638 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *