මුස්ලිම් ගැහැණු දරුවන්ට සුදුසු පාසල් ඇදුමක් ඉදිරියේදී නිශ්චය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම්

Share Button

මුස්ලිම් ගැහැණු දරුවන්ට සුදුසු පාසල් ඇදුමක් ඉදිරියේදී නිශ්චය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් ජයන්ත වික්‍රමනායක මහතා තේරීම් කාරක සභාව හමුවේ කරුණූ දක්වමින් කියා සිටියේය. ඉස්ලාම් ආගම පිලිබද පෙලපොත් රචනා කිරීමේදී විද්වත් මණ්ඩලයක් සහභාගී කර ගැනේ. පාසල් විෂය මාලාවේ පවතින ඉස්ලාම් ග්‍රන්ථවල අන්‍ය ආගම් පිලිබද දැනුම්වත් කිරීම් ඇතුලත් කර තිබේ. තේරීම් කාරක සභාවේ අදහස් දැක්වූ නැගෙනහිර පලාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට කිසිදු පුර්ව දැනුම්වත් කිරීමක් සිදු කර නොතිබූ බවයි. රාජ්‍ය බුද්ධි අංශ සහ තමා අතර ඍජු සම්බන්ධයක් නොතිබූ බවද ඔහු කියා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *