ඉන්ධන මිල පහතට

Share Button

ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇතැයි රජය කියයි. ලෝක වෙදලපොලේ ඉන්ධන මිල පහල යෑමේ වාසිය පාරිබෝගිකයින්ට ලබාදීමේ අරමුණින් ඉන්ධන මිල අඩුකර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩුකර ඇත. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් අඩුකර තිබේ. ඔටෝ ඩීසල් මිලේ වෙනසක් නොමැත. සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් පහකින් අඩුකර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. මිල සූත්‍රයට අනුව මිල අඩුවීම සිදුකර ඇත.
ලංකා අයි ඕ සී ඉන්ධන මිලද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුකර තිබේ. ඒ අනුව ඔක්ටේන් අනූ දෙක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින්ද . ඔක්ටේන් අනූ පහ සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින්ද අඩුකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *