විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විී සිටින වයස අවුරුදු 18 ට අඩු වුවන් පුනරුත්ථාපනය සදහා විශේෂ වැඩසටහනක්

Share Button

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විී සිටින වයස අවුරුදු 18 ට අඩු වුවන් පුනරුත්ථාපනය සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී තිබේ. ඔවුන් පුනරුත්ථාපනය වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. වයස අවුරුදු 18 ට අඩුවුවන් 6100 ක් පමණ විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බව සමීක්ෂණයකින් හෙලිවි තිබේ. දිවයින පුරා පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් දිනපතා හෙරොයින් භාවිතය සදහා යොමුවී ඇත. එම පිරිස අතුරින් අසුපන් දහසක් පිරිමින් බව එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණ වී තිබේ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ සිදු කළ විශේෂ මෙහෙයුම්වල දී ඉකුත් මාස හය තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් හා ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් හතලිස් දහස් අටසිය හතලිස් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *