මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වඩාත් ක්‍රියාකාරි මට්ටමට

Share Button

මේ වසර අවසන්වීමට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වඩාත් ක්‍රියාකාරි මට්ටමට පත්වනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම ප්‍රදේශය ද පුඵල් කාර්මික දියුණුවකට ලක්වනු ඇත. කටුනායක හා බියගම කාර්මික කලාපය මගින් ඒ අවට ප්‍රදේශ දියුණුවු ආකාරයට මත්තල ද දියුණු කිරීම අපේක්ෂාව බව අගමැතිවරයා පැවසුවේ අභාවප්‍රාප්ත ආචාර්ය සමන් කැලේගම අනුස්මරණ සම්මන්ත්‍රණයට කොළඹදී එක්වෙමිනි.

වත්මන් රජය රට භාර ගන්නාවිට හම්බන්තොට වරාය සැලකුවේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසිනි. ලබන වසරේ සිට එය නෞකාවලින් පිරවීමට ක්‍රියා කෙරේ. චීන සමාගම එම වරාය බදු ගත්තේ සමාජ සේවය සදහා නොවේ. වරාය හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිවෙකුත් බියවිය යුතු නැත. එම වරාය ප්‍රදේශයේ අණදීම සිදු කෙරෙන්නේ දකුණු නාවික විධානය මගිනි.

මෙය අනිවාර්යෙන් වාණිජ වරායක් විය යුතු යැයි රජය චීනයට දැනුම්දී ඇති බව අගමැතිවරයා පැවසීය. රජය නියත වශයෙන්ම බලාපොරොත්තු වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍ර කරගත් ආර්තික වර්ධනයක් බවද ඔහු කිය. චීනය ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික මරමස්ථානයක් බවට පත් කරනු ඇතැයි අගමැතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *