ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන සටන අද පස්වරුවේ

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන්පුර්ව තරගය ඔස්ට්‍රෙිලියාව සහ එංගලන්තය අතර අද බර්මින්හැම් හිදී පැවැත්වේ. ලෝක කුසලාන තරගාවලියකදී එංගලන්තය අවසන්පුර්ව වටයේ තරගයකට එක්වන්නේ වසර 27 කට පසුවීම විශේෂත්වයකි. එමෙන්ම ඔවුන් මීට පෙර 06 වතාවක් අවසන්පුර්ව වටයට සුදුසුකම් ලබා තිබේ. එමෙන්ම 1979 . 87 සහ 92 දී ඔවුන් ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගෙන තිබුනි. ඔස්ට්‍රෙිලියාව එදාමෙදා තුර අවස්ථා 08 කදී අවසන් පුර්ව වටයට එක්ව ඇති අතර ඉන් 07 කදීම අවසන් පුර්ව තරගය ජයගෙන තිබේ. පස්වරක් ඔවුන් ලෝක කුසලානය ජයගෙන ඇත. 2015 තරගාවලියේදී ද අවසන් මහ තරගයට නවසිලන්තය සමග තරග වැදුනේ ඔස්ට්‍රෙිලියාවයි. ඒ අනුව වත්මන් ලෝක ශුරයන් වන්නේ ඔවුන්ය. අද තරගයෙන් ජයගෙන එංගලන්තය අවසන් මහ තරගයට පිවිසියහොත් එම තරගය බ්‍රිතාන්‍ය ජනතාවට නොමිලේ නැරඹිමේ අවස්ථාව ලබාදීමට එරට තරග විකාශන සිදුකරන ස්කයි රුපවාහිනි සේවය තීරණය කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *