ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැටුප් විෂමතා අගෝස්තු 30 වැනිදාට පෙර අවසන්

Share Button

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් විෂමතා ලබන මස 30 වැනිදාට පෙර ඉවත් කිරීමට ක්‍රියාකරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. පාරිභෝගික ගාස්තු ක්‍රමය යාවත් කාලීන කිරීම සුදුසු වෙයි. විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමක් සිදු නොකරන බවද ඔහු තවදුරටත් කීවේය. රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවේ. පසුගිය කාලයේ වර්ෂාව අඩුවීම නිසා විදුලිය ලබාදීමට ඉන්ධන භාවිතා කිරීමට සිදුවිය. එය අධික වියදමක් දැරීමට සිදුවන ක්‍රියාවලියකි. එබැවින්. පුනර්ජනනිය බලශක්තිය කෙරෙහි යොමුවීමට වැඩි අවධානය යොමුකර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *