ජාතික ආගමික හා දේශපාලන සමගිය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීම බව කථානායකතුමා පෙන්වා දෙයි

Share Button

ජාතික ආගමික හා දේශපාලන සමගිය ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙනයාම සියලු දෙනාගේ වගකිම බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. කොප්‍රල් හසලක ගාමිණි කුලරත්න රණවිරුවාගේ 28 වැනි ගුණසමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කථානායකවරයා මේ බව කීවේය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩල ශ්‍රවනාගාරයේ එය පැවැත්වුනි. අතීතයේදී ජාතික නායකයින් දුරදර්ශිව දිනාදුන් නිදහසේ වටිනාකම වර්තමානයේ ඇතැම් පුද්ගලයින්ට නොතේරීම කනගාටුවට කරුණකි. හසලක ගාමිණි කුලරත්න ඇතුඵ දිවිපිදු සියලු රණවිරුවන් සිය ජිවිත පුජා කලේ සාමකාමි නිදහස් ස්වාධින රටක් වෙනුවෙනි. පාස්කු ඉරුදින ප්‍රහාරය අන්තවාදින් කිහිපදෙනෙකුගේ ක්‍රියාවකි. එම තත්ත්වය ඉතා ඉක්මනින් මැඩපැවැත්වීමට මෙරට ආරක්ෂක අංශ සමත්වු බව ජයසුරිය මහතා කියයි.

රටේ ආරක්ෂාව හොඳින් තහවුරු කිරීමට රජය ක්‍රියාකර ඇතැයි වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මෙහිදී කිීවේය. මේ මොහොතේ විවිධ දේශපාලන වාසි ලබා ගැනීමට මෙන්ම ජනතාව නොමග යැවීමට ඇතැම් කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටි. එම ප්‍රචාරයන්ට නොවරැවටි බුද්ධිමත්ව ක්‍රියා කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු විජේවර්ධන මහතා රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු කර ඇතැයි අවධාරණය කළේය. ත්‍රිවිධ හමුදාව. පොලිසිය. බුද්ධි අංශ ඉතා අවධානයෙන් සිටි. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවී සිටින බවද ඔහු පැවසීය. තමන් දන්නා තොරතුරක් ඇත්තම් ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කිරීමට වහා ක්‍රියා කරන්නැයි ඇමතිවරයා ඉල්ලා සිටියේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කළ අන්තවාදි සහරාන් ත්‍රස්තයාගේ කණ්ඩායම මුඵමනින්ම මර්දනය කර ඇත. ඊට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.. කෙසේ වුවත් මෙරට තුළ නොව යුරෝපා ඇතුඵ රටවල අයිඑස් මතවාදයේ සිට ප්‍රහාර එල්ල කරන තනි පුද්ගලයන් පිළිබඳව ඉකුත් කාලයේ වාර්තාවු බව ඇමතිවරයා කියා සිටි. මෙම ගුණසමරු උත්සවය සදහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ද විශේෂ පණිවිඩ එවා තිබුනි.

රජයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුනි. එහිදී අදහස් දැක්වු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සදහන් කලේ ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා විධිමත් ත්‍රස්ත විරෝදි වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි. වර්තමානයේ ලෝකයේ දක්නට ඇත්තේ නව ත්‍රස්තවාදයකි. ඊට මුහුණදීම සදහා ආරක්ෂක මෙහෙයුම් ප්‍රතිසංවිධාන විය යුතුය. නව නීති ද අවශ්‍ය වේ.

මේ අතර. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා කීවේය. එමගින් රජයේ වෙනසක් බලාපොරොත්තු නොවන බව ඔහු කියා සිටි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේය. රටට හෝ ජනතාවට අහිතිකර ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැතැයි අමරවීර මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *