මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුමේ රටට අහිතකර කිසිවක් නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි

Share Button

මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුමේ විදේශිකයන්ට ඉඩම් පැවරීමේ හෝ විකිණීමේ කිසිදු යෝජනාවක් හෝ කොන්දේසියක් ඇතුලත්ව නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි. ජනාධිපතිතුමා ඉඩම් පනත් කෙටුම්පතට ඇතුලත් කිරීමට නිර්දේශ කළ සංශෝධන සදහා නීතිපතිගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඉන් අනතුරුව එම සංශෝධන ඉඩම් අමාත්‍යවරයා පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේ පනතට ඇතුලත් කිරීමට ක්‍රියා කර තිබේ. මේ සදහා ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබි ඇතැයි අගමැති කාර්යාලය කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවකදී සදහන් කර තිබුනේ මෙය නිසි අනුමැතියක් නොමැතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම ජයසේකර මහතා මෙම මාධ්‍ය හමුවේදී ජනතාව නොමග යවන සාවද්‍ය කරුණු ඉදිරිපත් කළ බව අගමැති කාර්යාලය කියා සිටි. මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම යනු ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ආධාර ලබා ගැනීම සදහා වන ගිවිසුමක් පමණි. එහිදී ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ව්‍යාපෘති ගණනාවක් සදහා ඇමෙරිකාව මුදල් ප්‍රදාන සිදුකරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *