සංහිදියාව වගවීම හා යුක්තිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රසාදයට

Share Button

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එවැනි කටයුතු මැඩලීම සදහා ඇමෙරිකාව ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියාකරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. එමෙන්ම ප්‍රති ත්‍රස්තවාදය. සමුද්‍රිය හා දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශ්‍රී ලංකාවට සහයෝගය දෙන බව ඔහු කියා සිටි. ප්‍රජාතන්ත්‍රවාදය. මානව හිමිකම් සහ නීතියේ ආදිපත්‍ය සදහා හවුල් කැපවීම වෙනුවෙන් දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා සහතිකවී තිබේ. වසර 30 ක යුද්ධයෙන් පසු ස්ථිර සාමයක් උදාකර ගැනීම උදෙසා සංහිදියාව. වගවීම හා යුක්තිය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම ට්‍රම්ප් මහතාගේ ප්‍රසාදයට හේතුවී ඇත. පොදු ද්වීපාර්ශ්වික න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාමටත්. දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමටත් ඉදිරියේදී ක්‍රියා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. ඇමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති රොඩ්නි එම්. පෙරේරා මහතා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට අක්තපත්‍රය ප්‍රදානය කළ අවස්ථාවේ ට්‍රම්ප් මහතා මේ බව කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *