විද්‍යාපීඨ ශික්ෂණලාභින් සදහා දීමනාව රුපියල් පන්දහසක් දක්වා ඉහළට

Share Button

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණලාභින් බඳවා ගැනීම සැප්තැම්බර් මුල් සතියේදී සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. 2016 / 2017 උසස් පෙළ ප්‍රතිඵල මත මේ සදහා සිසුහු ඇතුලත් කර ගැනෙති. සම්මුඛ පරීක්ෂණ කටයුතු අවසන් අදියරේ පවති. දිවයිනපුරා පිහිටි අධ්‍යාපන විද්‍යා පීඨ 19 ක් වෙත සිසුන් හාරදහස බැගින් කණ්ඩායම් දෙකක් බඳවා ගැනේ. මෙවර අයදුම්පත් 68 දහසක් ලැබි තිබුනි. දිගුකලක් පැවති යල්පැන ගිය විෂය මාලා වෙනුවට යාවත් කාලීන වු නව ලොවට ගැලපෙන විෂය නිර්දේශ මෙම විද්‍යා පීඨවලට හදුන්වාදීමට ක්‍රියාකර තිබේ. එමෙන්ම විද්‍යා පීඨ ශික්ෂණලාභින් සදහා දීමනාව රුපියල් පන්දහසක් දක්වා ඉහල නැංවීමට ක්‍රියාකර ඇත. ඉදිරියේදී තුන්අවුරුදු විද්‍යාපීඨ ඩිප්ලෝමාව උපාධියක් දක්වා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මේ වනවිට ඩිප්ලෝමාව සම්පුර්ණකර සිටින හාරදහසකට වැඩි ඩිප්ලෝමාධාරින් වෙත ගුරු පත්වීම් ප්‍රදානය ඔක්තෝබර් මාසයේදී සිදු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10