සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ කඩිනමින් දරුවන්ට

Share Button

සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ කඩිනමින් දරුවන්ට ලැබෙමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කරන්නේ පසුගිය මාසය අවසන් වනවිට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සදහා සිසුන් එකොලොස් දහස් හත්සිය හතලිස් දෙනෙක් හිමිකම් ලැබු බවයි. රුපියල් මිලියන 533 කට ආසන්න මුදලක් ඔවුන්ට ලබාදී ඇත. පාසල් එකොලොස් දහස් දෙසිය හතලිහක අවුරුදු 5 ත් 21 ත් අතර වයස් සීමාවේ පසු වන මිලියන 4 යි දශම 5 කට ආසන්න සිසුන් පිරිසක් සුරක්ෂා රක්ෂණයට හිමිකම් ලබයි. මෙරට සියලුම පාසල් දරුවන් එකවර රක්ෂණය කෙරෙන මෙම රක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට ද පියවර ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *