පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව අගෝස්තු මුලදී

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව අගෝස්තු මුලදී ඉදිරිපත් කරන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි. තේරීම් කාරක සභාව ලබන 24 වැනිදා පෙරවරු 10.30 ට යලි රැස්වීමට නියමිතයි. එහිදී සාක්ෂිකරුවන් ලෙස රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන . අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න . එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර . ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණ යන මහත්වරුන් කැඳවීමට නියමිත බව ද නියෝජ්‍ය කථානායකවරයා පැවසීය. තේරීම් කාරක සභාව හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද කැඳවීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10