සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු සහ ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයින් අතර සාකච්ඡා

Share Button

සිරියාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු සහ ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයෝ හමුවී සාකච්ඡා පවත්වති. රුසියානු පාර්ශවයෙන් සිරියාව සඳහා වන එරට විශේෂ නියෝජිත ඇලෙක්සැන්ඩර් ලව්රෙන්ටිව් හා එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි වර්ෂිනින් සහ ඉරාන පාර්ශවයෙන් එරට උත්තරීතර ජාතික ආරක්ෂක සභාවේ ලේකම් අලි ශම්කානි සහ එරට විදේශ අමාත්‍යංශයේ නියෝජිතයෙකු වන අලි අස්ගර් ඛාජි ඉරානයේ ටෙහෙරාන් නුවරදී හමුවූහ. සිරියාව තුළ ව්‍යවස්ථා කමිටුවක් ඇතිකිරීම සහ එහි ආකෘතිය සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන්විය. එරට දේශපාලන ක්‍රියාවලිය උසස් කිරීමේ වැදගත් අදියරක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *