ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට එංගලන්ත කණ්ඩායම සුදුසුකම් ලබයි

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට එංගලන්ත කණ්ඩායම සුදුසුකම් ලබයි. වසර 27 කට පසු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයකට එංගලන්තය සුදුසුකම් ලැබිම විශේෂත්වයකි. ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදවා කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 223 ක් රැස්කලේය. ඊට පිළිතුරු ලෙස එංගලන්තය ඕවර 32 යි පන්දුවක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 226 ක් ලබා තරගය ජය ගත්තේය. ජේසන් රෝයි ලකුණු 85 ක් රැස් කළේය. ඊට හයේ පහර පහක් සහ හතරේ පහර නවයක් ඇතුළත් විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය නවසිලන්තය සහ එංගලන්තය අතර ලබන ඉරිදා ලන්ඩන් හි ලෝඩ්ස් ක්‍රිඩාංගනයේදී පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *