මහජන නියෝජිතයන්ට සිය ආසනවල සංවර්ධන කටයුතු සදහා තවත් රුපියල් කෝටි පහ බැගින් ලබාදෙයි

Share Button

මේ වසරේ ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවුවත් දැවැන්ත සංවර්ධනයක් රටපුරා සිදුකිරීමට හැකිවු බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි. වියදමට වඩා රජයේ ආදායම වැඩිකර ගැනීමට හැකිවු නිසා සංවර්ධන ව්‍යාපෘති සදහා විශාල මුදලක් වෙන්කිරීමට හැකිවු බව හෙතෙම සදහන් කරයි. ඇමතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ ඊයේ පැවති දිසාපති සමුඵව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා අගමැතිවරයාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සෑම මැතිවරණ කොට්ටාසයකටම රුපියල් ලක්ෂ තුන්දහස බැගින්වු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව කීවේය.

දිස්ත්‍රික්ක 25 තුළ දැනට ව්‍යාපෘති 25 දහසක් ආරම්භ කර තිබේ. ක්‍රියාත්මක කිරීමට නියමිත සම්පුර්ණ ව්‍යාපෘති සංඛ්‍යාව 40 දහස ඉක්මවයි. සෑම මහජන නියෝජිතයෙකුටම තම ආසනයෙ සංවර්ධන කටයුතු සදහා අමතරව රුපියල් ලක්ෂ 500 ක මුදලක් ලබාදෙන බව ඔහු පැවසීය. බෞද්ධ විහාරස්ථාන ඇතුඵ ආගමික සිද්ධස්ථානවල සංවර්ධන කටයුතු සදහා රජය මුදල් ප්‍රතිපාදන ලබාදී ඇතැයි හෙතෙම කීවේය. මෙම අවස්ථාවට එක්වු රාජ්‍ය ඇමති ජේ. සී. අලවතුවල මහතා පැවසුවේ සමෘද්ධි සහනාධාරය නොලැබුනු පවුල් ලක්ෂ හයකට අලුතින් එම හිමිකම ලබාදුන් බවයි. උපාධිධාරින් පන්දහසකට රැකියා අවස්ථා ලබාදී තිබේ. ලබන මස පලමුවැනිදා සිට තවත් උපාධිධාරින් පිරිසකට රැකියා ලබාදෙන බව හෙතෙම පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *