මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පින්ගේ භාණ්ඩ රැස් කිරීමේ මධ්‍යස්ථානයක්

Share Button

මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පින්ගේ භාණ්ඩ රැස් කිරීමේ මධ්‍යස්ථානයක් පොල්ගොල්ල පිහිටි ජාතික ශිල්ප සභා මධ්‍යස්ථානයේදී අද විවෘත කෙරේ. ලක්සල ආයතනය පවසන්නේ මේ අනුව මධ්‍යම පළාත් හස්ත කර්මාන්ත ශිල්පින්ට සිය නිර්මාණ අලෙවි කර ගැනීම සදහා කොළඹට පැමිණිම අවශ්‍ය නොවන බවයි. මෙමගින් අතරමැදියන්ගෙන් තොරව නිෂ්පාදකයාට තම භාණ්ඩ අලෙවි කර ගැනීමේ අවස්ථාව උදාවෙයි. රුපියල් 30 දහසකට අඩු වටිනාකමක් සහිත භාණ්ඩ එම අවස්ථාවේදීම මිලදී ගනු ලබන අතර රුපියල් 50 දහසට වැඩි භාණ්ඩ ණය පදනම මත අලෙවියට භාර ගැනේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *