විශ්වාසභංග යෝජනාවෙන් සිදුවුයේ රජය තවදුරටත් ස්ථාවර වීම බව විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි

Share Button

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් සිදුවුයේ රජය තවදුරටත් ස්ථාවරවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා කියයි. විපක්ෂ නායකවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ද විශ්වාසභංග යෝජනාව ජය ගැනීමේ සැබෑ අවශ්‍යතාවක් නොවීය. විපක්ෂ නායකවරයාගේ ඇතැම් ප්‍රකාශවලින් ඒ බව මනාව පැහැදිලි විය. දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රිී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය රජයට හිමි විය. සංහිඳියා අපේක්ෂා සඵල කර ගැනීමේ අරමුණින් එම පක්ෂ රජයට සහාය දුන් බව මන්ත්‍රීවරයා පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනට අද පෙරවරුවේ එක් වෙමිනි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අස්ථාවර වු රට සති 6 ක් වැනි කෙටි කාලයක් තුළ යලි ස්ථාවරත්වයට ගෙන ඒමට රජයට හැකි විය. එම සිද්ධියෙන් පසු බිඳවැටුනු සංචාරක කර්මාන්තය මේ වනවිට යථා තත්ත්වයට පත්ව තිබෙ.් වත්මන් රජය දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය. අධ්‍යාපන . සෞඛ්‍ය ආදි සෑම ක්‍ෂේත්‍රයකම එම සංවර්ධනය දක්නට ලැබේ. ගම් පෙරළිය වැඩසටහන යටතේ ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවී ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවිනි. විශ්‍රාමිකයන් . රණවිරුවන් ආදි සෑම ක්‍ෂේත්‍රයකටම වරප්‍රසාද ලබාදී තිබේ. බලයට පත් වෙද්දී ජනතාවට දුන් ප්‍රතිඥා බහුතරයක් රජය ඉටු කර අවසන් බව පෙන්වා දුන් විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා රජය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු වී ඇතැයි ද සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *