දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යාමක්

Share Button

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව පසුගිය අගහරුවාදා වන විට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසිහය දහස් හත්සිය අනූ එකකි. කොළඹ. ගම්පහ. කඵතර. ගාල්ල. මාතර. හම්බන්තොට. රත්නපුර. කෑගල්ල හා මහනුවර ඩෙංගු අවදානම ඉහළ දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇතැයි එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි සඳහන් කළේය. නිරිතදිග මෝසම් වර්ෂාව ඇතිවිමත් සමග ඉහළ ගිය ඩෙංගු අවදානම පාලනය කර ගැනිම සදහා දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසිය. නිවෙස්වලට අමතරව ඉදිකිරිම් පරිශ්‍ර .ආගමික ස්ථාන. කර්මාන්ත ශාලා. පාසල් සහ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන තුළද මදුරුවන් බෝවන ස්ථාන හදුනාගෙන ඇතැයි මාධ්‍ය හමුවට එක් වූ විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවිර මහත්මිය පැවසුවාය. එහිදි අදහස් දැක් වු අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය හා පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂ රේණුකා පිරිස් මහත්මිය ප්‍රකාශ කළේ මදුරු මර්දනය පිළිබඳ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් විදුහල්පතිවරුන්ට යොමු කර ඇති බවයි. පාසල් අවට ඩෙංගු මදුරුවන් බෝවිම වැලැක්විම සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දි ඇති ශාක වර්ග වගා කිරිමට උපදෙස් දී ඇති බවද ඇය සදහන් කළාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *