ඉදිරියේදී ගොඩ නගන්නේ භාෂා තුනෙන්ම අධ්‍යාපනය ලැබිය හැකි පාසල් බව අධ්‍යාපන ඇමති කියයි

Share Button

ගෙවුනු වසර කිහිපයේ දී අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුල මෙතෙක් සිදු නොවු විප්ලවයක් සිදු කිරිීමට රජයට හැකිවු බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඉදිරියේදී අලුතින් ගොඩ නගන්නේ භාෂා තුනෙන්ම අධ්‍යාපනය ලැබිය හැකි පාසල් බව ඔහු කියා සිටී. පසුගියදා කුරුණෑගල ආරම්භ කළ විශ්වෝදා ජාතික පාසල ඒ අයුරින් ක්‍රියාත්මක වන පාසලකි. වත්තල හුණුපිටියේ අරූන් මානික්කවාසගම් හින්දු ජාතික පාසල අධ්‍යාපන අමාත්‍යංශයට ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමින් ඇමතිවරයා මේ බව කීවේය. තවත් සිව් මහල් ගොඩනැගිල්ලකට මුල්ගල තැබීම ද එදින සිදු විය. සියලු ජාතීන්ගේ අනන්‍යතාව ආරක්ෂා වන අයුරින් රජය ක්‍රියා කරන බවද ඔහු අවධාරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *