බුදුපුත් සුරක්ෂා රක්ෂණ වැඩසටහන අද වයඹ පළාතේ ක්රියාත්මක කෙරේ
බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්යංශය මගින් ක්රියාත්මක කරන බුදුපුත් සුරක්ෂා රක්ෂණ වැඩසටහන වයඹ පළාතේ භික්ෂුන් වහන්සේ සදහා ක්රියාත්මක කිරිම අද සිදු කෙරේ. මෙහිදී තුන් දහසකට වැඩි භික්ෂුන් වහන්සේට රක්ෂණාවරණ හිමිකම් සහ හැදුනුම්පත් පිරිනැමේ. කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්රයේ එය පැවැත්වේ. පළාත් මට්ටමින් දිවයිනේ වැඩ වෙසෙන හතලිස් දහසකට ආසන්න භික්ෂුන් වහන්සේ වෙත මෙම රක්ෂණාවරණ හිමිකම්පත් පිරිනමන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය