පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වු අයට සහන සැලසීමත් විනාශ වු දේපල යලි ගොඩනැගීමටත් ගත් ක්‍රියාමාර්ග නිසිආකාරව සිදුවු බව පාර්ලිමේන්තුව පිළිගෙන ඇතැයි අග්‍රාමාත්‍යවරයා කියයි

Share Button

පාස්කු ප්‍රහාරයෙන් පසු ගත් ක්ෂණික පියවර නිසා කෙටි කාලයක් තුල ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනා නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විපතට පත්වු අයට සහන සැලසීමටත්. විනාශ වු දේපල යලි ගොඩනැගීමටත් ක්‍රියාකර තිබේ. එම කටයුතු නිසියාකාරව සිදුවු බව දැන් පාර්ලිමේන්තුව පිලිගෙන ඇත. තමාටත් අමාත්‍යවරුන්ටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත්වීම මගින් පැහැදිලි වුයේ එම යෝජනාවේ සදහන් චෝදනාවල පදනම් විරහිතභාවය යැයි ඔහු කියා සිටී. පලමුව ත්‍රස්තවාදින් සොයාගැනීමේ මෙහෙයුම ඇරඹුණි. එය සාර්ථකව සිදුකෙරිණි. ඉන් පසු බුද්ධි තොරතුරු සංනිවේදනය නිසියාකාරව සිදුනොවීම පිලිබදව සෙවීමට පාර්ලිමේන්තු තේරීම් සභාවත් පත්කෙරුණි. එම කාරක සභාව පිලිබදව ඇතැම් අය විවිධ දේ පැවසුවත්. එය නිතයාණුකුල බව අධිකරණය ද පිලිගෙන ඇත. තමන් ද එම කාරක සභාව හමුවට ගොස් තොරුතුරු ලබාදෙන බව වික්‍රමසිංහ මහතා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *