අපොස උසස් පෙළ විභාගය සදහා සියලු කටයුතු සූදානම්

Share Button

අපොස උසස් පෙළ විභාගය සදහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියයි. විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කිරිම හෙට ඇරඹෙයි . විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ විමට නියමිතයි. එය අවසන් වන්නේ ලබන මස 31 වැනිදායි පැරණි හා නව නිර්දේශ යටතේ විභාගය පැවැත්වෙ.් මෙවර විභාගයට පෙනි සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්හත්දහස් හත්සිය හතරකි. දිවයින පුරා මධ්‍යස්ථාන 2678 කදි විභාගය පැවැත්වේ. සම්බන්ධිකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 315 කි. ප්‍රාදේශිය මට්ටමින් මධ්‍යස්ථාන 38 ක් එක්රැස් කිරිමේ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට විධිවිධාන යොදා තිබේ. විභාගය සදහා අවශ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරිම් ලබන බ්‍රහස්පතින්දා ආරම්භ කරන බව අප කළ විමසුමකදි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසිය. මෙවර විභාගයේදි කිසිදු අක්‍රමිකතාවක් සිදුවිමට ඉඩ නොතබන බවටද ඔහු සහතික විය. පසුගිය වසරේදි මෙන් මේ වසරේදිද ප්‍රශ්න පත්‍ර කියවා අවබෝධ කර ගැනිම සදහා අපේක්ෂකයන්ට අමතර කාලයක් ලබාදෙන බව ද විභාග කොමසාරිස් ජනරාල් වරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *