එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනය ලබන 24 වැනිදා සිට අනුරාධපුරයේදි

Share Button

එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනය අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රිඩාංගනයේදි ලබන 24 වැනිදා ඇරඹෙයි. එය අවසන් වන්නේ ලබන 27 වැනිදායි . ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත කෙරේ. ශ්‍රි ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රදර්ශනය කිරිම හා රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට සමීප කරවිම අරමුණු කර මුදල් අමාත්‍යංශය එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනය සංවිධාන කරයි. මෙවර පැවත්වෙන්නේ දෙවන ප්‍රදර්ශනයයි. එය වෙළෙඳ කුටි 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විතයි. ප්‍රදර්ශනයේදි රාජ්‍ය ආයතන හා බැංකු වලින් ව්‍යවසායකයන්ට අවශ්‍ය සේවා ලබාගත හැකිය ව්‍යවසායකත්වය පිළිබඳ උපදෙස් මගපෙන්විම් හා පුහුණු අවස්ථාද එහිදි සැලසේ. . ව්‍යවසායකත්ව. රාජ්‍ය හා පෞද්ගලික අංශ . අධ්‍යාපන. හරිත . නව නිපැයුම් වාණිජ හා මාධ්‍ය වශයෙන් ප්‍රදර්ශනය කලාප 07 කින් සමන්විතය.ි . මීට අමතරව නව නිපැයුම්කරුවන් වෙනුවෙන්ද ද කලාපයක් වෙන් කර තිබෙ.් ප්‍රදර්ශනය නැරඹිමට පැමිණෙන ජනතාවට පහසු මිලට භාණ්ඩ මිලදි ගැනිමේ අවස්ථාව ද සැලසේ. විශේෂයෙන් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිමි ඇදුම් හා ඇගලුම් තීරුබදු රහිත මිලට එහිදි මිලදි ගත හැකිය රාජ්‍ය ආයතන රැසක ජංගම සේවා ප්‍රදර්ශන භූමියේදි පැවැත්වෙ.් විදේශ කන්සියුලර් සේවාවක් ද එහිදි ක්‍රියාත්මකය.ි නිතියේ රැකවරණ පතන්නන්ට නිති ආධාර ලබාගැනිමේ හැකියාවද එහි පවති. ගුවන් යානා . අවි ආයුධ සහිත ත්‍රිවිධ හමුදාවේ ආකර්ෂණිය ප්‍රදර්ශන කුටි හා ක්‍රියාකාරකම් සහිත සංදර්ශනද එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනයට ඇතුළත්ය. දිනපතා පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *