වෙනුසියුලාව රුසියාවේ මහ පරිමාණ සමාගමක් සමග ගිවිසුමකට එලැඹෙයි

Share Button

වෙනිසියුලාව රුසියාවේ මහා පරිමාණ ව්‍යාපාරික සමාගමක් සමග ගිවිසුමකට එළඹෙයි. වෙනිසියුලාව මේ වන විට චීනයේ මෝටර් රථ සමාගම් දෙකක් සමග ද සාකච්ඡා පවත්වන බව එරට කර්මාන්ත සහ ජාතික නිෂ්පාදන පිළිබඳ අමාත්‍යවරයා පැවසීය. තම රට විශාල පරාසයකින් රුසියාව සමග සම්බන්ධතා ගොඩනගා ගනිමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

ලිබියානු බටහිර වෙරළ ආසන්නයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයින් 53 දෙනෙකු මුදා ගැනීමට එරට වෙරළ ආරක්ෂක අංශය සමත් විය. ඉන් අනතුරුව ඔවුන්ට වෛද්‍ය ආධාර සැපයීමට පියවර ගෙන ඇත. සාගරයේදී මුදා ගන්නා නීතිවිරෝධී සංක්‍රමණිකයින් ලිබියාවේ රඳවා ගැනීමෙන් වළකින ලෙස සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පසුගිය සෙනසුරාදා ඉල්ලීමක් ද කළේය.

හිටපු බංග්ලාදේශ ජනාධිපති හුසේන් මුහමඩ් එර්ෂාඩ් මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 1983 වසරේ සිට 1990 වසර දක්වා ජනපති ධූරයේ කටයුතු කළ හෙතෙම අභාවප්‍රාප්ත වන විට 89 වැනි වියේ පසුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *