ශ්‍රි ලංකා යුදහමුදාව භාරයේ පැවැති යාපනයේ තවත් ඉඩම් අක්කර 27 ක් මුල් හිමිකරුවන්ට
සේවා අවශ්‍යතා මත ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාවිත කරන ලද යාපනයේ තවත් අක්කර 27 ක් යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය විසින් නිදහස් කෙරේ. ඒ අනුව මයිලඩි ප්‍රදේශයේ ඉඩම් අක්කර 26 කට වැඩි ප්‍රමාණයක් මුල් පදිංචිකරුවන්ට භාරදීම සහ පලාලිහි පිහිට තවත් අක්කරයක ඉඩමක් භාරදීම පසුගිය සිකුරාදා තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. යාපනය ආරක්ෂක සේනා අණ දෙන නිලධාරී මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු ඇතුඑ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.