මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රටේ දරුවන්ගේ අනාගතය විනාශ කිරිමට ඉඩ නොතබන බව ජනපති යලි අවධාරණය කරයි

Share Button

නුවර එළිය දිස්ත්‍රික්කයේ අභිනවයෙන් ඉදිකරන ලද මහ රෝහළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත්කෙරේ. ඇඳන් 600 කින් යුතු වාට්ටු සංකීර්ණයකින් මෙන්ම නවීන තාක්ෂණයෙන් යුතු ශල්‍යාගාරයකින් හා දැඩි සත්කාර ඒකකයකින් ද රෝහළ සමන්විතයි. නෙදර්ලන්ත ආධාර යටතේ රෝහල ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 7 කි. රාජිත සේනාරත්න. නවීන් දිසානායක යන අමාත්‍යවරු ද. මෙරට නෙදර්ලන්ත තානාපති ජොන් ඩුර්නෙවාඩ් මහත්මිය ද මෙම අවස්ථාවට එක්වෙති.
මේ අතර මහවැලි ජනපදිකයින් පන්දහසකට ඉඩම් ඔප්පු පිරිනැමීම සදහා වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලීය ක්‍රිඩාංගනයේ ඊයේ පැවැති උත්සවයකට ද ජනාධිපතිතුමා සහභාගි විය. මරණීය දණ්ඩනය අහෝසි වුවහොත් එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ අපරාධකරුවන්ගේ ජයග්‍රහණයක් බව ජනාධිපතිතුමා එහිදී පැවසීය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ අපරාධකරුවන්ට රටේ දරුවන්ගේ අනාගතය විනාශ කිරිමට කිසිසේත් ඉඩනොතබන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *