මාර්ග විනයක් ඇති කිරීමට පොලිස් මුලස්ථානය විශේෂ වැඩපිළිවෙලක්

Share Button

මාර්ග විනයක් ඇති කිරීම මගින් රථවාහන තදබදය අවම කිරිමත් . විනයගරුක රියදුරන් බිහිකිරීමත් අරමුණු කර පොලිස් මුලස්ථානය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා දැනටමත් ඒ පිළිබඳව රථවාහන අංශ භාර පොලිස් ප්‍රධානීන් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ. බීමත් රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන්නේ හා මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන්නේ එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි. අධික ශබ්දය පිටකරන හා අධික ලෙස දුම්ි පිටකරන වාහන සම්බන්ධයෙන්ද ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය අපේක්ෂා කරයි. සාමාන්‍ය රථවාහන මෙහෙයුම්වලට අමතරව කොළඹ නාගරික රථවාහන පොලිසිය දවසේ පැය 24 පුරා කොළඹ නගරයේ කණ්ඩායම් 17 ක් ස්ථාපිත කර වැටලීම් සිදුකරයි. එම මෙහෙයුම් ප්‍රධාන මාර්ගවලට සීමා නොවන අතර අතුරු මාර්ගවලද එම මෙහෙයුම් ක්‍රියාත්මක බව කොළඹ නාගරික රථවාහන පොලිසියේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී ජයසිරි කොඩිතුවක්කු මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *