ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් සංචිතය නම් කෙරේ

Share Button

ඉදිරි ශ්‍රි ලංකා සංචාරය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් සංචිතය නම් කෙරේ. ක්‍රිඩකයන් දාහතරදෙනෙකුගෙන් සමන්විත සංචිතයට එනාමුල් හක් සහ තයිජුල් ඉස්ලාම් යන ක්‍රිඩකයන් දෙදෙනා ද කැඳවා තිබේ. පෞද්ගලික හේතු මත සකීබ් අල් හසන් සහ ලිටන් දාස් ශ්‍රි ලංකා සංචාරයට සහභාගි නොවේ. බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය මෂ්රෆි මොටාසාට හිමිවී තිබේ. මුස්ෆිකර් රහීම්. මහමදුල්ලා. මොහොමඩ් යසිෆුඩීන්. ද සංචිතයට ඇතුලත් වන ක්‍රිඩකයෝ වෙති. ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ කන්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ලබන 26 වැනිදා පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *