මුම්බායි නගරයේ සිව්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළට

Share Button

ඉන්දියාවේ මුම්බායි නගරයේ සිව්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි. කුඩා ළමයි තිදෙනෙක්ද ඒ අතර වෙති. තුවාල ලැබු 8 දෙනෙකු රෝහල් ගතකර තිබේ. තවමත් පිරිසක් එහි සුන්බුන් අතර සිරවී සිටිති. ්ඔවුන් ඉවත් කර ගැනීමට සහන සේවකයෝ දැඩි උත්සාහයක නිරත වෙති. පවුල් 15 ක් පමණ මෙම ගොඩනැගිල්ලේ ජීවත් වු බව පොලිසිය කියයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය පල කර තිබේ. ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව තවමත් අවිනිශ්චිතව පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *